පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
සුදු ගවුම
- හතරැස් කර
බෙල්ල මැද සිට අඟල් 2 ක් පහළට තබන්න.
බෙල්ල මැද සිට පිටුපසට අඟල් 4ක් පහලට තබන්න.
කර කොන සිට උරහිස පැත්තට අඟල් 1 1/2 කි.
කරපටිය අඟල් 1ක් පළලයි - අතේ දිග
6,7,8 ශ්‍රේණිවල දරුවන් සඳහා අත උරහිස සිට අඟල් 4 ක් දිගය.
9,10,11,12,13, ශ්‍රේණිවල දරුවන් සඳහා අත උරහිස සිට අඟල් 6 ක් දිගය.
අතේ වාටිය පළල අඟල් 1 ක් විය යුතුය.
අත් කට ප්‍රමාණය අතට වැඩ අඟල් 1 ක් ලිහිල්ව තබන්න. - සායේ රැළි
පෙට්ටි රැළි (box fleet) 6 කි.
ඉදිරි රැළි 3 ක් හා පසුපස රැළි 3ක් තබන්න. - ඇඳුමේ උස
දණහිස වැසෙන සේ උස තැබීම ප්‍රමාණවත්ය.
ඇඳුමේ වැටිය අඟල 2ක් පළලය - බඳ පටිය
අඟල් 1 1/2 ක් විය යුතුය
බකල් එක එල්ලා නොගැලවෙන සේ පටියට තද කර දැමිය යුතුය
පටියට ආය කටු නොගැසිය යුතුය. - ඇඳුමේ හැට්ටය
හැට්ටය ඉනේ ප්‍රමාණයම තිබිය යුතුය.
ඉනට වැඩිය දිගට හැට්ටය නොදැමිය යුතුය

කොණ්ඩය
- දිග කොණ්ඩය
මැදින් පීරා පිටිපස්සට දෙකට ගොත අගින් නමා රතු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
කොණ්ඩය බඳින පටියේ දිග මීටර් 1/2 වීම සෑහේ.
කොණ්ඩ කටු නොගැසිය යුතුය. - කෙටි කොණ්ඩය
දෙපැත්තට පීරා රතු රිබන් පටියෙන් බඳින්න. - කොටට කැපූ කොණ්ඩය
බෙල්ල හා කන් දෙක පෙනෙන සේ සකස් කරගත යුතුය.
කොණ්ඩය ඉදිරි පසින් කැපීම හෝ මෝස්‌තර දැමීම තහනම් වේ.
සපත්තු හා මේස්
- සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය
- මේස් පලන්දීමේදී ඉහලට අඟල් 4 ක් සිටින සේ පහලට නැමිය යුතුය
- සපත්තුවක් පලන්දීමට නොහැකි ලෙස එක් කකුලක අබාධයක් ඇති විට ඒ සඳහා සෙරෙප්පුවක් පැළඳිය යුතුය.
වෛද්‍ය නිර්දේශයක් මත පමණක් සෙරෙප්පු පැලඳිය හැකිය.
වෙනත්
- මුදු,මාල, ඔරලෝසු, විසිතුරු කරාබු පැළඳීම තහනම්ය.
- ඇහිබැම ගෑම, තොල් සායම් කිරීම, නිය සායම් කිරීම නොකළ යුතුය.
- පාසලින් අස් වන තෙක් සියලුම ශිෂ්‍යාවන් විදුහලට පැමිණිය යුත්තේ නිල ඇඳුමෙනි.\
- පාසලට සුදුසු පොත් බෑගයක් පාවිච්චි කල යුතුය.
දෙවුර මත රඳවන පිටුපසට වැටෙන පොත් බාගයක්ම පමණක්ම පාවිච්චි කල යුතුය.
එක අතකින් එල්ලා වැටෙන සේ පළඳින කිසිම පොත් බාගයක් පාවිච්චි නොකළ යුතුය.