2022 නවක 6 ශ්‍රේණිය සිසුන් සඳහා දින 3 ක වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.
මැයි මස 04 වැනි දින ආරම්භ වූ මෙම දිශාභිමුක වැඩසටහන මැයි 06 වෙනි දින අවසන් කරන ලදී. මේ සඳහා 2022 නවක 6 ශ්‍රේණිය සිසුන් හා 6 ශ්‍රේණිය භාර ගුරු මහත්ම මහත්මීන් සහභාගී විය.
වැඩසටහනේදී නවක සිසුන් සඳහා පාසලේ නීති රීති හා පාසලේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය. එමෙන්ම නවක සිසුන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට ද මෙම වැඩසටහන මහඟු අවස්ථාවක් විය.

